Sunday, March 22, 2015

110 වන ආදරවන්තයන්ගේ සටන | පසු සටහන..

 110 වන රිච්මන්ඩ් - මහින්ද ආදරවන්තයන්ගේ සටන ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී නිමා වුනේ රිච්මන්ඩ් පිලට ඉනිමක සහ ළකුණු 26 ක ජයග්‍රහණයක් අත් කර දෙමිනි. ඉතිහාසගත තරගයක් ලෙස හැදින්ව්ය හැකි මෙහි පසු විපරමක් කිරීමට මෙම කාලය උචිත යයි සිතමි.

මෙවර ක්‍රිකට් තරගය විශේෂ වන්නේ ඉතිහාස පොත් වල තිබූ තරග වාර්ථා බිද හෙලුනු තරගයක් ලෙසින් ය. පළමුවන කඩුල්ලෙහි වැඩිම සබදතාවය සහ ඕනෑම කඩුල්ලක් සහදා වැඩිම සබදතාවය යන ශීර්ෂ ද්විත්වයෙහි තම නාමය සටහන් කිරගැනීමට රිච්මන්ඩ් විද්‍යාලයීය නායක සිතාර ගිම්හාන සහ චරිත් අසලංක සමත් විය. එහිදී චරිත් ශතකයක් වාර්ථාකිරීම විශේෂ විය. එමෙන්ම රිච්මන්ඩ් වරුන්ට මෙය පිට පිට දෙවන ජයග්‍රහණය ද විය.

මෙවර ක්‍රිකට් තරගය පැවැත්වීම පිලිබද යම් ගැටලුකාරී තත්වයක් උත්ගත වී තිබූ නමුත් රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර තිබූ සාකාච්ඡා වලින් අනතුරුව එය යතාර්ථයක් විය.මෙවර රිච්මන්ඩ් විද්‍යාලය ආදරවන්තයන්ගේ සටනෙහි තේමාපාඨය කරගත්තේ #AllWeDoIsWin ය. මහින්දීයයන් ගේ තේමාපාඨය #FearNothing විය. වෙනදාට වඩා දෙපාර්ශවයේම දැඩි උනන්දුවක් මෙම තරගයට විය. රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රීඩකයින් තරග රැසක් ජයග්‍රහණය කොට තිබූ නිසා රිච්මන්ඩ්වරුන් හට තවත් ජයග්‍රහණයක බලාපොරොත්තුවක් විය. මෙවර Vehicle Parade එක සදහා රිච්මන්ඩ් විද්‍යාලයෙන් සුපුරුදු වාහන ගොන්න හැරුනුකොට Chopper එකක් ගෙන්වා තිබීම විශේෂ විය. එය රිච්මන්ඩ් - මහින්ද ආදරවන්තයන්ගේ සටනට නව කෝණයක් එක් කිරීමට සමත් විය.