Monday, October 6, 2014

NO PMC | අපි ඇත්ත කතා කරමු


ඇයි මේ එකපාරටම වෛද්‍ය ශිෂ්‍යයො පාරට බැහැලා කෑ ගහන්නෙ? ඇයි මිනිස්සු එක එක පැති ගන්නෙ? පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මේ රටට ඕන ද? ඇයි මිනිස්සු ඒවා ඕන කියන්නෙ? ඇයි මිනිස්සු ඒවා එපා කියන්නෙ? මේ කෑ ගහන්නෙ ඊරිසියාවට ද? නැත්තං කුහක කමට ද? පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබ්බා කියලා මොකද වෙන්නෙ? මේ ළගදි කොළඹ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවො ටික බෝඩ් ලෑලි ටිකකුත් අරං පාරට බැහැලා කෑ ගැහුවා නෙ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන කියලා. 



මං මේ කතන්දරේ සුලමුල හොයන්න කියලා දැනුංතේරුං තියන වෛද්‍ය ශිෂ්‍යෙයක්ගෙන්ම කාරණේ ගැන ඇහුවා..





මං : මචං ඇයි බං NO PMC?

යාලුවා : 
“නෑ කොල්ලෝ මම විරුද්ධ සමස්තයට නෙවෙයි. සයිටම් එකේ මගෙත් යාලුවෝ ඉන්නවනේ බන්. සයිටම් එකේ රිපිටීෂන් සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්නේ නෑ. උන්ට මහන්සි වෙන්න තරම් දරුණු සිලබස් එකක් නෑ. ජෙනරල් ග්‍රේඩ් එකෙන් නෙවෙයි ස්පෙසිෆික් මට්ටමෙන් ක්ලාස් පටන් ගන්නේ.“

මං : මොකද්ද බං අර වාට්ටු ඉල්ලන සීන් එක?

යාලුවා : 
ඒක තමයි මචෝඕනෑම යුනිවර්සිටි එකක් හදන්න කලින් එකේ උන්ට පුහුණුව ගන්න ටීචින් හොස්පිටල් එකක් හදන්න ඕන. හෙද විද්‍යාලයකට වුනත් එහෙමයි. මුන් එහෙම හදාගන්නේ නැතුව එක ගන්න හදන්නෙත් කලම්බු උනි එකේ හොස්පිටල් එකෙන්.

මං : ඉතිං ඉඩකඩ කොහොමද බේරගන්නෙ?


යාලුවා :
එක තමයි බන් අපිත් අහන්නේ. හරිම අසාධාරණයි නේ බන්. උන් දැනගන්න ඕන නේ කැම්පස් එක හදනකොට හොස්පිටල් එකත් හදන්න. අර අහිංසක කොළඹ උන්ගේ චාන්ස් එක හොරකම් කරන්නේ නැතුව.

ඒත් එක්කම 2012 ලංකාවෙ දෙවනියා වෙච්ච ළමයා කියපු කතාවකුත් මෙහෙම්මම කියන්නම්..

අපේ ප්‍රධාන ඉල්ලීම “Governors, take back the decision to allow Malabe - PMC students to practice clinicals in state hospitals

“අපි මේ කියන්නෙ කාත් එක්කවත් තියන ඊරිසියාවකට නෙමෙයි. ඇත්ත තත්වෙ තේරුම්ගන්න. ලංකාවේ රෑංක් වලින් පළවෙනි 198 දෙනා ඉන්නෙ අපේ බැච් එකේ. හැමදාම පුදුමාකාර විදිහට මහන්සි වෙලා, 100%ක් පැමිණීම තියාගෙන, පොඩි නිවාඩුවක්වත් ගන්නෙ නැතුව පාඩම් කරලා අපිට විභාග වලින් පාස් වෙන්න තියන ළකුණු 50 ක් ගන්නෙ පුදුමාකාර අමාරුවෙන්. ඒක අපි හැමෝටම පොදුයි. ඒ දේ ඇත්තද කියලා බලන්න නම් මේ තියන විභාග කරන්නම ඕන. ඇත්තම කියනවා නම් අපිට පුදුමත් හිතෙනවා SAITM එකේ ළමයි 90 ගනං විශයන් වලට ගන්නවා කිවුවාම.“

මේ කතාව ඇහුවාට පස්සෙ මට තේරුනා එක දෙයක්. යමක් කමක් හරියට දැනගෙන මේ කෑගහන අය කෑ ගහන්නෙ කරුණු දෙකක් මත.
* SAITM එකේ තියන ඩිග්රි එකේ කොලිටි එක ගැන සෑහීමකට පත් වෙන්න බැරි කාරණාව
* කොළඹ වෛද්‍ය ශිෂ්‍යයන්ට තියන Teaching Hospital එක SAITM එකේ ළමයින්ටත් දෙන්න කියන එක

මං දකින විදිහට මේ අරගලේ තේමාව “ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඕන නෑ.. තියන ඒවා වහපල්ලා.. “ කියන එක නෙමෙයි.. “තියන ඒවා හරියට හදපල්ලා“ කියන එක.. 

හැබැයි මේක සමාජයේ ලොකු කතිකාවක් ඇති කරලා තියෙන්නෙ ඇයි?

මිනිස්සු පිල් බෙදිලා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඕන සහ ඕන නෑ කියන තේමා දෙක යටතෙ. කාරණාව දික් කරං වලිගෙ පාගගත්ත මිනිස්සු කියන්නෙ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ඕන සහ ඕන නෑ කියලා. මම දකින විදිහට කාරණය සරලයි.. මේ කියන දෙය පාදක කරගෙන මං නං කියන්නෙ,


  • පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙන්න ඕන
  • ඒ තියන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල “නිසි“ වෛද්‍ය විද්‍යාල වෙන්න ඕන. (නිසි කියලා අදහස් කරේ විභාග වල ප්‍රමිතිය හොද වෙන්න ඕන, හරියාකාර වෛද්‍යවරයෙක් විදිහට ඒ ආයතනයෙන් එලියට එන්න අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලැබෙන්න ඕන)


මේ දෙක නිසියාකාරව වෙන්නෙ නැත්තං ඇත්තටම ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද වෛද්‍යවරයෙක් කියන්නෙ ජීවිත එක්ක ගණුදෙනු කරන මනුස්සයෙක්. ඒ කෙනා ඒ දේ හරියට දන්නෙ නැත්නම් එතන ලොකු ප්‍රශ්නයක් තියනවා. හැබැයි ඒකට විසදුම තියන ඒවා වහලා දාන එක නෙමෙයි. හරියාකාර විදිහට ආපහු පටන් ගන්න එක. නැත්තං ඒකෙ ඉගනගන්න ළමයින්ට යන කලදසාව මොකද්ද...

මෙහෙම එකකුත් තියනවා. 

“ඕවා වහලා දාපල්ලා, අපි තමා ළකුණු ගත්තෙ. අපි විතරයි දොස්තරලා වෙන්න ඕන.“ කියලා හිතන පිරිසකුත්,

“කොලිටිය බල්ලාට ගියාවෙ.. අපිට ඕන ඩිග්රියක්.. ඩිග්රිය තිබ්බාම අපි දොස්තරලා“ කියලා හිතන පිරිසකුත් නැතුව නෙමෙයි.

එහෙම නැට්ට අල්ලගෙන වටේ දුවන අය නිසා තමයි මිනිස්සු පොදු ප්‍රශ්නෙ පැත්තකිං තියලා පිල් බෙදිලා කොටා ගන්නෙ..


මේකත් එක්ක කියන්න තව දේකුත් තියනවා..

මේ ලංකාවෙ හැමෝටම මෙහෙම ප්‍රශ්න නෑ. එදා වේල ගැටගහගන්න බැරි මිනිස්සු කොහොම ඕවාට යන්න ද? කොහේ තියන සල්ලියක් ද? හැබැයි පෞද්ගලික විශ්ව විද්‍යාලයකට උසස් අධ්‍යාපනයට තමන්ගෙ දුවව පුතාව යවන හැම අම්මා තාත්තාම මහා කෙරුම්කාරයොත් නෙමෙයි. තියන ඉඩං කඩං රත්තරං බඩු විකුණලා තමන්ගෙ ළමයින්ගෙ ජීවිත සැපවත් කරන්න හදන අහිංසක මිනිස්සුංගෙ ළමයිත් මේ කැම්පස් වල ඉන්නවා. හොදටම සල්ලි තියන මිනිස්සු ළමයි රට යවනවා. අනිත් මිනිස්සු පුලුවං විදිහට උගන්නනවා. එහෙම බැරි දුප්පත් අසරණ ළමයි කට්ට කාගෙන පළවෙනි දෙවනි තුන්වෙනි සැරේ හරි කරලා කොහෝම හරි මොකකට හරි යනවා. ඒ බැරි වෙච්ච ළමයි ට මොනවා වෙනවාද කියලා හිතාගන්න බෑ..


ඇත්තම කියනවා නං පිටරට ඔය තත්වෙ වෙනස්. ඒ රට වල උසස් පෙළ කරාට පස්සෙ ළමයින්ට ණයක් ගන්න පුලුවන්. ඒ ණය ගන්නෙ ඉගෙනගන්න. උසස් අධ්‍යාපනයට ඒ මුදල යොදවලා පස්සෙ ලැබෙන රැකියාවෙ වැටුපෙන් ඒ ගාන ගන්නවා. ඉතින් දුප්පත්, පෝසත් ඕනම කෙනෙක්ට ඉගනගන්න අවස්ථාව තියනවා. ඒ වගේ දෙයක් ලංකාවෙත් තිබ්බා නං කොච්චර හොදද කියලා හිතෙනවා.


ප.ලි. : 
මේක මෙහෙම වෙද්දි NO PMC කියන කට්ටියකුත් ඉන්නවා. ඒ අය කැමති නෑ කැමති නෑ පුද්ගලික කැම්පස් බිහිවෙනවාට. සමහරු කියන්නෙ එහෙම උනාම නිදහස් අධ්‍යාපනේ රැකෙනවා කියලා. ඇත්තටම මම නං ඒ කතාවට විරුද්ධයි. නිදහස් අධ්‍යාපනේ අපි හැමෝටම තියනවා සාමාන්‍ය පෙළ වෙනකං. ඒකෙන් සමත්වෙන මිනිස්සුන්ට උසස් පෙළටත් නිදහසේ අධ්‍යාපනය කරන්න පුලුවන්. ඒ කියන්නෙ බහුතරයකට. ඒත් කැම්පස් යන්නෙ ඔය බහුතරයෙන් ඉතාම සුලු පිරිසක්. ඒ අයට විතරක් නිදහස් අධ්‍යාපනේ දුන්නාම අනිත් මිනිස්සුන්ට මොකද වෙන්නෙ? ඔය NO PMC කතන්දරේ නං මහ හනමිටි අදහසක්. ඒක ගැන නං කතා කරලා වැඩක් නෑ..

ප.ප.ලි. : 

මේ දේ මෙහෙම සිද්ධ වෙද්දි මං ශෙයා කරපු පෝස්ට් එකට මාලඹේ සයිටම් එකේ ඉගනගන්න අයියා කෙනෙක් මේ විදිහට ඔහුගෙ අදහස් දැක්වුවා. පෝස්ට් එක ඇත්තටම සමබර වෙන්න මම ඒකත් මේත් එක්කම එකතු කරන්නම්..

මල්ලි ප්‍රමිතියක් තියෙන්න ඕනේ කියන කතාවට අපිත් එකගයි,මල්ලි saitm එකේ lectures කරන්නේ local uni වල lecturesල මයි.exam වලට examinersla විදියට outside lectures ල වත් ගෙන්නනව,වෙන මොකටවත් නෙවෙයි,government med faculty වල ප්‍රමිතියම තියාගන්න.එ වගේම local uni වල වගේම 50 pass mark එක අපිටත් තිනවා,අපි කන කට්ට දන්නේ අපි විතරයි,colombo teaching හොස්පිටල් එක අපි කවදාවත් ඉල්ලුවේ නැහැ මල්ලි,අපි දන්නවා කවදාවත් එක හම්බවෙන්නේ නැහැ කියන එක,එක ඉල්ලන්න කොමත් අපිට අයිතියකුත් නැහැ,government හොස්පිටල් ඉල්ලුවේ වෙන හේතුවක් නිසා,4 වෙනි අවුරුද්දෙ එන community medicine කියන subject එක private hospital එකක කරන්න බැහැ,මොකද MOH office pvt secter එකේ නැහැ,එවගේම forensic medicine කරන්නත් PVT hospital වල බැහැ.අපි ඉල්ලුවේ එ පහසුකම් ටික දෙන්න කියල.මල්ලි අපේ exam වලටත් 90 ගණන් තියෙන්නේ batch එකකින්ම එක්කෙනෙක්ට දෙන්නෙකට වගේ,SAITM එක ගැන කියන කතා ගොඩක් කුහකත්වය,ඉරිසියාව උඩ ගොතපුව.FB එකේ කොච්චර NO PMC post වැටුනත් මන් comment කරන්නේ නැහැ,විවුර්ත විදියට මේක ගැන කියල තියන නිසා SAITM එකේ ඉන්න කෙනෙක් විදියට ඔය ටික කිව්වේ.“


මෙහෙමත් කිවුවා,

“අපිත් කැමති නෑ මල්ලා කොලිෆිකේශන් අඩුවෙන් අවුට් වෙන්න. අපේ අතින් පොඩි හරි වැරැද්දක් උනත් අපේ ජොබ් එකම නෙ නැති වෙන්නෙ.“

දැන් ප්‍රශ්නෙ දෙපැත්තක් තියනවා. හරි කවුද, වැරදි කවුද කියන එක මම කියන්න දන්නෙ නැති උනත්, මං පොදුවේ කියන දේ තමයි,
  • පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙන්න ඕන..
  • ඒවා නිසි වෛද්‍ය විද්‍යාල වෙන්න ඕන..

1 comment:

  1. මම සයිටම් නාඩගම ගැන ලිව්ව සටහන් මෙතන තියෙනවා . වෙලාවක ඇවිත් බලලා යන්න
    http://snimalka.blogspot.com/2017/07/blog-post_4.html

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....