Tuesday, September 25, 2012

මොන මගුලක්ද මේ කැම්පස්

දැන් නම් ඇති වෙලා ඉන්නෙ. මේක රටක් ද නැත්තං වෙන මොකක් හරි එකක් ද? අපේ රට පාලනේ කරන උන්දැලාට මේ රටේ අධ්‍යාපන අර්බුදය පේන‍්නෙ නැත්තෙ උන්දැලා බහුතරයක් අට වත් පාස් නැති නිසා ද? අර "මූ ගුරුවරටයක් ය මූ ට පුළුවන්ය" කියලා බෙරිහන්දීගෙන පත් කරපු අධ්‍යාපන ඇමතියා මොන මගුලක් ද කරන්නෙ? අර උසස් අධ්‍යාපන ඇමති ගොයියා මොකද්ද කරන්නෙ? එදා ළකුණු පිටපොට යවපු දවසෙ පෝස්ට් එකක් ලිවුවා. කවුද දැනං උන්නෙ උං ඉසෙඩ් එකත් පිටපොට යවයි කියලා. කවුද දැනං උන්නෙ මහාචාර්යවරුන්ට මහපාරට එන්න වැඩ සලස්සයි කියලා.


දැන් අපි උසස් පෙළ කියලා එකක් ලියලා ගෙදර ඉන්නෙ. දැන් මොකද වෙන්නෙ? තාම එදා බාර අරන් සීල් තියපු ප්‍රශ්න පත්තර ටික බලන්න අරන් තියා ඒ ගැන වගේ වගක් නෑ. ඔන්න දැන් ප්‍රවෘත්ති වලට කියාපි ඔක්තෝබර් වල බලනවා කියලා. කවුද දන්නෑ නෙ බලන්නෙ? අර කිවුවත් වගේ හමුදාව දාලා ද දන්නෑ. හමුදාවෙ අයට පේපර් බලන්න බෑ කියලා එකක් නෑ. ඒත් ඉතිං පේපර් බලන්න ඉන්න අය වෙන ඒවා කරද්දි මොකද කරන්නෙ?

Saturday, September 22, 2012

Facebook Share කිරිල්ල

ඔන්න කාලෙකට පස්සෙ මේ පෝස්ට් එක නම් ලියන්නෙ හොදටම කළකිරිලා සහ හොදටම තරහා ගිහින්. Facebook සමාජ ජාල අඩවියේ දැන් ටික කාලෙකට කලින් හදුන්වාදුන්න "Share" බොත්තමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්න ඇත්තෙ එක්කෙනෙක් දාපු පෝස්ට් එකක්, ඒ කෙනාගේ යාළුවන් අතර නැති, වෙනත් කෙනෙක්ගෙ යාළුවන් අතර ඉන්න අයට පෙන්වන්න පහසු ක්‍රමයක් සපයන එක. ඒත් මේ බොත්තම අපේ ඇතුලු ‍ෆේස්බුක් ප්‍රජාව පාවිච්චි කරන හැටි නම් ඇත්තටම කියනවා නම් "විකාරයි".

Wednesday, September 19, 2012

උරුම දෙයක් නෑ අපිට - අපි හැමෝටම | නිශාන්ත අයියෙ ඔබට නිවන් සුව..

මේ ටිකේ ඕ ලෙවල් අයට කරන බ්ලොග් එකේ වැඩ නිසා පෝස්ට් එකක් ලියන්නත් අමතක උනා. ඇත්තෙන්ම ඉගැන්නිල්ල කියන්නෙ මරු වැඩක්. ආස හිතෙනවා. මට බ්ලොග් එකක් තියනවා කියලා මතක් උනේ අපි කවුරුත් ආස කරපු නිශාන්ත අයියා ගෙ මරණය නිසා ඇතිවෙචච් දුකට සහ ඒකෙන් තේරුන දෙයක් නිසා.

නිශාන්ත අයියා කියන්නෙ ප්‍රසිද්ධ චරිතයක් නෙමෙයි. අපි ආපු ගියපු අධ්‍යාපන ආයතනයක් උන gateway එකේ හිටපු කාඩ් එක මාර්ක් කරන චරිතයක්. ටික්කා අයියා. උසින් අඩුයි, කළුයි, නිතරම කට ඇරලා හිනා වෙන, හොදින් හැමෝම එක්ක ඉන්න, අපි එන්නක් හරිම හොදින් කතාබහ කරන "හිත හොද" චරිතයක්.

Saturday, September 15, 2012

O/L කරන අයට අපෙන් සමාජ සත්කාරයක්

මම ඕ ලෙවල් කරපු හැටි ගැන මම ලියපු පෝස්ට් එකේදි මතු උන කාරණයක් තමයි සාමාන්‍ය පෙළ ලියන අයට ෆිසික්ස් වගේ එකක කෙටි සටහනක් සපයන එක. ඉස්සෙල්ලාම මං හිතුවෙ ඔට පොඩි ටිකක් දාලා ශේප් වෙන්න. ඒත් පස්සෙ හිතුනා මොකටද, ඒක වැඩක් නෑ කාටවත් වැඩක් වෙන්නෙ නෑ කියලා. පස්සෙ හිතුනා මේ කරන දේ පිළිවෙලකට කරන්න ඕන කියලා. 

පස්සෙ ඉතිං මම ඒකට අළුත් බ්ලොගයක් පටන්ගන්න තීරණය කරා. මේ බ්ලොගය ලියන්න හිතුවෙ තනියෙම. ඒත් ඉතිං මට තනියෙම මෙච්චර ලොකු වැඩක් කරන්න පුළුවන්ද කියන සාධාරණ සැකය මගේ ඇතුලෙම ඇති උනා. ඒ නිසා මම මගේ හොද මොළකාර යාළුවො දෙන්නෙක්ගෙන් ඇහුවා මාත් එක්ක හවුලෙ ලියමුද කියලා. ඒ අය එක පයින් කැමති උනා. ඒ අයට ගොඩක් ස්තුති වෙන්න ඕන. ඊයෙ තමයි මේ බ්ලොග් එක හැදුවෙ. සාමාන්‍ය පෙළ ලියන නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඒ අයට මේ පණිවිඩේ දෙන්න බලන්න. අපිට පුළුවන් විදිහට අපි ‍ඒ බ්ලොග් එක පවත්වාගෙන යන්න තමයි හිතං ඉන්නෙ. ම‍ගේ මේ බ්ලොග් එකේ ලියන දේවල් අඩු වෙයි, හිට්ස් අඩු වෙයි. ඒත් කමක් නෑ යම් කෙනෙක් යමක් ඉගෙනගන්නවා නම්, කෙනෙක්ට යමක් දෙන්න පුළුළවන් නම් ඒ තරම් දෙයක් නෑ කියලායි මං හිතන්නෙ. 

බොහොම ස්තුතියි.

පහල තියෙන්නෙ අපි කුළුදුලේ පටංගත්ත බ්ලොග් එක,

Thursday, September 13, 2012

Facebook නාඩගං

අපි කවුරුත් අදුනන ෆේස්බුකිය දිනෙන් දින දියුණුවත්ම එහි ඇති අංගෝපාංග ද දියුණු විය. අද අප විසින් අත්විදිනු ලබන්නේ 2012 වර්ශය සදහා ෆේස්බුක් අඩවිය මගින් හදුන්වා දී ඇති "Timeline" ආකෘතියයි. ඒ කෙසේ වෙතත් මෙය වසර කිහිපයකට උඩදී මෙසේ නොවී ය. ඒ කාලේ ෆේස්බුක් ලොග්වන්නෙක්ට පෙනෙන්නට තිබ්බේ "What's on your mind?" ලෙස නම් කර ඇති ස්ටේටස් අප්ඩේට් කරන කොටුවයි. පහතින් "Post" කොටුව ද විය. එවැනි ස්ටේටස් එකක් දකින අපට ඉස්සරම කළ හැකි වූයේ "Comment" කිරීමයි. පින්තූරයකටද මෙය එසේම විය. එදා "Comment" එකකින් ඇරඹි මානසික ජනප්‍රියවීමේ කළාව අද දින වන විට පරිනාමය වී ඇති ආකාරය මදක් විමසා බලමු. 

Monday, September 10, 2012

මං O/L කොර හැටි (කරන අයට වැදගත් වෙයි)

O/L ළග ළගම එන නිසා අපි ඕ ලෙවල් කරපු හැටි ගැන කිවුවොත් කරන්න ඉන්න අයටත් හොදයි කියලා හිතුනා. මං ඕ ලෙවල් කරන්න ගත්තෙ මාස 2ක් තියෙද්දි. (එතකං විකාර නැටුවා) ඒ නිසා මේක කියවන ඕ ලෙවල් කරන්න ඉන්න අයට පොඩ්ඩක් වැදගත් වෙයි කියලා මං උපකල්පනය කරනවා. ඒ උපකල්පනේ මත ඉදගෙන ඔන්න කතාව පටන්ගන්නම්.. ප්‍රශ්නාවලියක් හොදයි වගේ. මං ම උත්තරත් කියන්නං..

O/L කියන්නෙ මොකද්ද? තවත් එක විභාගයක්. 
දැන් ඉතින් ඉස්සරහාට යන්න  A 9 ක් ඕන ද?  නෑ..
ඕ ලෙවල් ඉහලිං සමත් උනා කියලා කැම්පස් තෝරගන්නවාද? නෑ..
එහෙනං මොකටද අපි ඉහලිං පාස් වෙන්න ඕන...? අනේ මන්දා..

එහෙම කියලා බෑ නෙ. අපි ඉහලිං පාස් වෙන්න ඕන වෙන්නෙ එක කරුණක් මත. ඒ තමයි අපේ දෙමවුපියො වෙනුවෙන්. ළමයෙක් කොච්චර දේවල් කරත් සමහර විට අකුරු 9 ක් මත දෙවමුපියන්ගෙ ගරුත්වය රැදෙන්න පුළුවන්. ඒකයි මේ සමාජෙ හැටි. හැමෝම කට ඇරන් බලන් ඉන්නෙ ප්‍රතිඵල එනකං. එදාට කෝල් කෝටියයි. හැමෝම අහන්නෙ "රිසල්ට් කොහොමද?" කියලා. පිරිසක් බලාගෙන ඉන්නෙ අපිට "කෙළ" වෙනකං. ඒ අයගෙ ළමයින්ගෙ මට්ටමට අපිට එන්න බැරි වෙනකං. කතාකරන්නෙත් නෝන්ඩියට. සමහර පිරිසක් ඉන්නෙ අපෙන් හොද ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන්. ඒ අය බලාපොරොත්තු වෙන හොද ප්‍රතිඵලේ අපිට ලබන්න බැරි උනාම ඒ අය අපිට අනුකම්පා කරනවා. ඒත් ඒ අනුකම්පාව අපේ දෙමවුපියන්ට ලොකු මානසික අසහනයක්. අපි නරක ප්‍රතිඵලයක් ගත්තොත් වෙන කාටවත් නෙමෙයි, අපේ දෙමවුපියන්ටයි මේ සමාජෙට මුහුණ දෙන්න බැරි වෙන්නෙ. ඔෆීස් යන්නෙ බයෙන් බයෙන්. දැන් රිසල්ට් ගැන කතා කරන්න ඇදලාගනී කියලා. ඒත් එක්කම අපිටත් පාරෙ යන්න "ශෝට් කට්" ඕන වෙනවා.