Friday, July 6, 2012

ආදරෙය - වෛරය | අවසන් පෝස්ටුව

ආදරය කියන්නෙ මොකද්ද? ගොඩක් සුන්දර හැගීමක්.. එතකොට වෛරය කියන්නෙ? රෞද්‍ර බියකරු හැගීමක්. ඇයි ආගන්තුකයා මේ ගැන ලියන්නෙ? දෙකේ වෙනස කියන්නද? නැහැ. වෛරය තියෙන්නෙ ආදරේ ඇතුලෙමයි. අසුන්දරබව තියෙන්නෙ සොදුරුබව ඇතුලෙමයි. වේදනාව තියෙන්නෙ සතුට ඇතුලෙමයි. මේ ලියන්නෙ දෙතුන් දෙනෙක්ට ආදරේ කරලා හතර වෙනියා හරි පස්වෙනියා එක්ක දැන් ඉන්න අය ගැන නෙමෙයි. ඒ අයට කවදාවත් මේ දේවල් තේරෙන එකකුත් නෑ පිලිගන්න අකකුත් නෑ. මේ කියන්නෙ තමන්ගෙ පළවෙනි ආදරේ තමන්ගෙ මුළු ජීවිතේම කරගත්ත අය ගැන. කවදාවත් ඒ ආදරේ අමතක කරන්න බැරි අය ගැන. 

ආදරේ කරන සුන්දර මොහොතවල් වල අපි කතා කරන දේවල් කොච්චර නම් සුන්දර ද? ඒ දේවල් මතක් වෙද්දි අපි තනියෙන්ම හිනා වෙනවා සමහර විට. අපි කවදාවත්ම පත් නොවෙච්ච‍ බොලද දරුවො වගේ වෙනවා ආදරේදි. තමන්ගෙ තත්වය මොකක් උනත්, මොන ආගම ජාතිය උනත් තමන් ඒ සුන්දර මොහොතෙ සොදුරු ලෝකෙක තනි වෙනවා. ඒ වෙලාවෙ තමන් හිතන්නෙ මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම පිරිමියා හෝ ගැහැණිය තමුන් කියලා. ඇත්තටම ඒක එහෙම තමයි. තමන්ගෙ ආදරණීයයන් තමන්ට ආදරයෙන් ඉන්න තාක්කල් තමන්ගෙ අනෙක් දේවල් මතක නැති වෙලා තමන්ගෙ හිත ඒ ආදරේ මිහිරියාවට සමාධිගත වෙනවා. ඒ වගේම ඒ මොහොතට ආදරේ කරනවා වගේම ඒ මොහොත විශ්වාස කරනවා තමන්ගෙ පණටත් වඩා.

මෙහෙම ඉන්න දෙන්නෙක් ගොඩක් සතුටින් විශ්වාසයෙන් කල් ගෙවන්නෙ. හදිසියේම කවුරු හරි කෙනෙක් අනෙක් කෙනාට බොරුවක් කළොත්? ඒ සුන්දර මොහොතවල් වල තමන් ගොඩනගාගත්ත විශ්වාසය? ඒකට මොකක්ද වෙන්නෙ? තමන්ට පුළුවන්ද තමන්ව පාලනය කරගන්න? තමන්ගෙ ආදරවන්තයා හෝ ආදරවන්තිය තමන්ට හොරෙන් තමන් අකමැති දෙයක් කරා කිවුවාම? එදා ඉදලා තමන් තියාගෙන හිටි විශ්වාසය ඇත්තටම අන්ධ විශ්වාසයක් ද? තමන්ට ඇත්තටම ආදරේ කරන්නෙ නැත්ද? තමන්ගෙ ජීවිතේ සුන්දර කරනවා කියලා හිතපු කෙනා අසුන්දර බව ද තමන්ට හොරෙන්ම දීලා තියෙන්නෙ? 

කාලයක් ඔහුව හෝ ඇයව හිතින් අමතක කරන්න උත්සාහා කරාවි. ඒත් තමන්ට ඒක ඇත්තටම කරන්න පුළුවන් ද? බෑ. කවදාවත්. ආයෙ ඔබ ඒ කෙනාව හොයාගෙන යාවි. ඒ වෙද්දි ඒ කෙනා තමන්ගෙ සුන්දර මතක ඔක්කොම විනාස කරලා දාලා නම්... ඒ කෙනා ඇත්තටම තමන්ට ආදරේ ද? ඒ උනේ වැරැද්දක් කියලා තමන් පස්සෙ එද්දි ඒ කෙනාට සමාව දෙන්න මානසිකත්වයක් ඔබට තියනවා ද? නිතරම ඒ කෙනාට 

"මට තමුන්‍ගෙ ඔය බොරු ආදරේ ඕන නෑ.."

කියන ගමන් හිතින් දුක් වෙනවා නේද ඇයි එයා එහෙම කළේ තමන් මෙච්චර ආදරේ කරද්දිත් කියලා. ඒත් එක්කම හිතින් හිතන්නෙ ඒ කෙනත් එක්කම ජීවත් වෙන්න. මේ අතරෙ තමුන්ට වෙන කෙනෙක් ගැන හිතන්න පුළුවන් ද? ඒත් තමන්ගෙ ආදරේ අත්තැරලා වෙන කෙනෙක්ගෙ ආදරයක් ලබන්න අනිත් කෙනා හිතනවා නම්? ඒකට එකම ප්‍රශ්නෙ තමන් ඒ කෙනාට ඇත්තටම ආදරේද, ඕනද කියලා දැනගන්න ඕන එක විතර නම්? මෙච්චර මුළු හදවතින් ආදරේ කළ තමන් හිත් පිත් නැති රොබෝ කෙනෙක් ට සමාන කරනවා නම්? මොකද්ද එතන ඇත්තටම තියෙන්නෙ?

ආදරේ කළ තමන්ට බොරු කරලා, වේදනාවන් දීලා, මතකයන් ඔක්කොම මොහොතකින් නැති කරලා දාලා වෙනත් කෙනෙක් ගැන හිතන්න? තමන් හැගීම් දැනීම් නැති මනුස්සයෙක් කියලා හංවඩුගහන්න? ඇයි ඒ? ඒ කෙනාගෙ ආදරේ පිලිගන්නද එපා ද? හදවත බල කරන්නෙ පිලිගන්න කියලා. මොළයේ ක්‍රියාකාරීත්වයක් දැනෙන්නෙ නෑ. ප්‍රශ්නාර්ථයක්....


කලකට කලින් මං ගත්ත පින්තූරෙකට මම ම ලියපු පද පෙලක්..



කලක් අප එකිනෙක බැලූ.. 
කැඩුනු පසු හදවත් යලි එක් නොවන ලෙස..
නොපෙනේ එකිනෙක පැහැදිලිව..
හිරු කිරණින් බොදවයනතුරු..
පිනි බිදු එහි තැවරුණු..



මේ මං කාලෙකට කලිං ඕනවෙයි කියලා හිතලා කියලා තිබ්බ සමුගැනීමේ ගීතය..





අවුරුද්දකට වැඩි කාලයක් මාත් එක්ක දුක සැප බෙදාගෙන මගේම පවුලක් වගේ එකට හිටපු බ්ලොග් ලියන අයියලා අක්කලා මල්ලිලා නංගිලාට මගේ ස්තුතිය.






මේ දවස් වල විස්තර  -  ආදරෙය - වෛරය
ආගන්තුකයා